Saturday, January 11, 2025

General line - 0115112241

ත‍්‍රස්තවාදි ප‍්‍රාහාරවලට සම්බන්ධ සියලු නඩු වෙනත් අධිකරණයකට

උපාලි ආනන්ද - අනුරාධපුරය




අනුරාධපුර අංක දෙක මහාධිකරණය තුළ මෙතෙක් විභාග වෙමින් තිබූ ත‍්‍රස්තවාදි ප‍්‍රාහාරවලට සම්බන්ධ සියලූ නඩු විභාග කිරීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි උතුරු මැද පලාත් බද මහාධිකරණයට යොමු කර තිබෙනවා. ඒ, අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප්ගේ නියෝගයනට අනුවයි. 

එල්ටීටීඊය විසින් අනුරාධපුර ගුවන් හමුදා ක`දවුරට ගුවනින් හා ගොඩ බිමින් ප‍්‍රාහාර එල්ල කර ආරක්ෂක අංශ සාමාජිකයින් 14 දෙනෙකු ඝාතනය කිරීෙමි සිද්ධියට අදාල නඩුව මෙන්ම ඇන්ටෙනෝ 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තුව ජාතික  වනෝද්‍යානයට ඉහල අහසේදී මිසයිල ප‍්‍රාහාරයක් එල්ල කර 37 දෙනෙකු මරණයට පත් කිරීමේ සිද්ධියට අදාල නඩුව ද එලෙස මාරු කෙරුණු නඩු අතරට අයත්. එමෙන්ම විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ආරක්ෂක තත්වය පරික්ෂා කිරීමට යමින් සිටි කර්නල් ජයන්ත සුරවීර ඇතුළු අට දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුව ද ඒ අතර වනවා.

කෙසේ වෙතත්  මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුලූ 30 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රාහාරයකින් මරණයට පත් කිරීමේ සිද්ධියට අදාල නඩුව තවදුරටත් විභාගයට ගැනෙන්නේ අනුරාධපුර අංක දෙක මහාධිකරණය තුලයි. ඒ, එම නඩුව විභාග කිරීම සඳහාම  ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති පත්කර තිබීම හේතුවෙන්.