විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සමබන්ධයෙන්, විනය පරීක්ෂනයක් පවත්වන බවට කතානායකවරයා පාර්ලිමේන්තුව දැනුවත් කර තිබෙනවා.
-----------------------------------------------
විජයකලා නිසා පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක්
03-07-2018 14:20
ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශයට විපක්ෂයේ පිරිස් විරෝධය දැක්වීමත් සමග පාර්ලිමේන්තුවේදී අද (03) උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට කල් තබා යළි ආරම්භ කෙරුණු අතර නමුත් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් උණුසුම්කාරී තත්ත්වයක් හට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
ඊයේ (02) පැවැති උත්සවයකදී ඇය කියා සිටියේ එල්. ටී. ටී. ඊ. සංවිධානය යළි ගොඩ නැගිය යුතු බවයි. එල්. ටී. ටී. ඊ. ය බලවත්ව පැවති සමයේ මීට වඩා නිදහසක් පැවති බවයි එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. ඒ අනුව සැකයෙන් හා බියෙන් තොරව ජීවත් වීමට සහ ළමයින් ආරක්ෂා වීමට නම් උතුරු හා නැගෙනහිර පළාත් තුළ එල්. ටී. ටී. ඊ. සංවිධානය යළිත් අත එසවිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරිය පවසා තිබුණා.