Saturday, January 11, 2025

General line - 0115112241

පිළිකා ඖෂධවල මිල ජූලි මාසයේ සිට පහළට




මිල අධික පිළිකා ඖෂධවල අවම මිල ජුලි මාසයේ දී රුපියල් 64,000 දක්වා අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ රුපියල් 285,000ක් ව පැවති පිළිකා ඖෂධවල මිල රුපියල් 144,000 දක්වා අඩු කිරිමට තමන් මීට පෙර පියවර ගත් බවයි.  

රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඉංගිරිය ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. ඉදිරියේදී තවත් පිළිකා ඖෂධ සමාගම් 02 ක් ලියාපදිංචිය සදහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.