Saturday, January 11, 2025

General line - 0115112241

විජයකලාට නඩු දාන්න මුදල් නැතිව පෙනී සිටිනවා - ජේ්‍යෂ්ඨ නිතිඥයකු පවසන කතාව

චම්ලි ඒකනායක




කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පසුගියදා යාපනයේදී පැවසූවේ, අප ජීවතුන් අතර සිටීමට නම් අපට මහ මග නිදහසේ ඇවිදීමට නම් අපගේ දරුවන් පාසල් වෙත ගොස් නැවත නිවසට පැමිණිය යුතු නම් උතුරු නැගෙනහිර පළාත්වල කොටි සංවිධානය හිස එසවිය යුතුය යන්නයි.  2009 මැයි මස 18 වනදාට පෙර දෙමළ ජනතාව ජීවත් වූ ආකාරය ගැන ආඩම්බර වනබව පැවසූ ඇය,  මේ තත්වය නිසා කොටි සංවිධානය නැවතත් බිහිකළ යුතුයැයි එහිදී අවධාරණය කළා.

මේ සම්බන්ධයෙන් ජේ්‍යෂ්ඨ නීතීඥ ගෝමින් දයාසිරිගෙන් අප කළ විමසීමේදී ඔහු පැවසුවේ, මෙරට තහනම් සංවිධානයක් වන එල්.ටී. ටී. ඊ සංවිධානය නැවත ගොඩ නැගීයයුතුබව පැවසීම නීති විරෝධී ප්‍රකාශයක් බවය. මෙවැනි තැනැත්තියක් පාර්ලිමේන්තු මන්ත්‍රී තරතුරක් හෙබවීම ගැටළුවක් බවයි ඔහු පෙන්වා දුන්නේ. මේ කතාව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ තම අදහස් ප්‍රකාශ කරමින් සිටිනවාට වඩා අධිකරණයට යාම සුදුසු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

"ප්‍රසිද්ධිය තකා වැඩනොකරන සිවිල් සංවිධානයක් හෝ ආයතනයක් මේ ඇමතිවරියගේ ප්‍රකාශයට එරෙහිව නඩුවක් පවරනවානම් මම ඒ නඩුව වෙනුවෙන් නොමිලේ පෙනී සිටිනවා. මේ විදියට කටයුතු කරන්න ඉඩනොදිය යුතුයි. මෙහෙම ගියොත් නැවත එල්. ටී .ටී. ඊ සංවිධානය නැවත බිහිවෙන්න බැරි නැහැ. මේ තත්ත්වය වහාම පාලනය කළ යුතුයි. එල්.ටී. ටී. ඊ ය නිසා වඩාත්ම දුක් වින්දේ යාපනයේ ජනතාව. ඔවුන් විසින් මෙවැනි අදහස් දරන තැනැත්තියක් තම නියෝජිතවරිය කරගැනීමත් පුදුමයක්" යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.