Saturday, January 11, 2025

General line - 0115112241

දේශපාලන බලය වෙනුවෙන් ජාති භේද ප්‍රකාශ නිකුත්කරන විජයකලාට දෙන දඬුවම මොකද්ද?- ඥානසාර හිමි අසයි (VIDEO)

දිනුක් හේවාවිතාරණ




බොදු බල සේනා මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු නියෝජිතයන් පිරිසක් කෝට්ටේ ශ්‍රී කල්යාණි ධර්ම මහා  සංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධර්මාලංකාර මහා නායක හිමියන් අද (03) කොට්ටාව, රුක්මල්ගම ශ්‍රී ධර්මවිජයාලෝක විහාරයේදී බැහැදුටුවා.

මෙම අවස්ථාවේදී විජයකලා මහේෂ්වරන් ඇමතිනිය විසින් ඊයේ (02) දින සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පළකලේ මෙවන් අදහසක්.
 
"එක රටක තිබිය යුත්තේ එක නීතියයි. ඒක උතුරටත් දකුණටත් පොදු විය යුතුයි. අපි හැමදාමත් කියනවා වගේ උතුරේ සහ නැගෙනහිර දේශපාලන බලය ලබාගැනීම වෙනුවෙන් දිගින් දිගටම ජාති භේද ඇතිවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන විජයකලාට දෙන දඬුවම මොකද්ද කියලා අපි බලාගෙන ඉන්නවා. ඒක තෙල්දෙණියේ තරුණයන්ට වගේම විජයකලාටත් වලංගු  විය යුතුයි. බලමු මේ රටේ බලධාරීන් ICCPR පනතත් අරගෙන විජයකලාවත් වටලන්න යයිද කියලා."

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ,  "මේ දිනවල අපි වියදම් නැතුව කොමඩි ෆිල්ම් බලනවා. සිනමාවේ විකට නළුවන් ඉන්නෙත් කිහිපදෙනයිනේ. දැන්  ඉතිං නොමිලේම අපිට මාධ්‍ය තුලින් උතුරේ සහ දකුණේ දේශපාලකයන්ගේ කවටකම් සරලව කිවුවොත් විහිළු නාට්‍ය සපයමින් සිටිනවා දේශපාලකයෝ. ඉතින් අපිට පිළිකුලක් ඇති වෙනවා මේ රට මොකද්ද කියලා" යනුවෙනි.