රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතා නීතිපතිවරයා වෙත අද (03) ලිපියක් යොමු කළා. ඒ, අදාළ ප‍්‍රකාශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හෝ පවතින නීතියේ කිිසියම් විධිවිධානයක් උල්ලංඝණය වී ඇත්ද යන්න විමර්ශනය කර අදාළ නීතිමය පියවර ගන්නා ලෙස දන්වමින්.
කතානායක කාර්යාලය පවසන්නේ අද පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී මන්ති‍්‍රවරුන් ගණනාවක්ම අදාළ ප‍්‍රකාශය පිළිබඳ පියවරක් ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් බවයි. රාජ්‍ය අමාත්‍යවරියගේ ප‍්‍රකාශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 07වන උප ලේඛණයේ සඳහන් දිවුරුම උල්ලංඝණය වී ඇති බවටද අදහස් පළ වූ බවයි එහි දැක්වෙන්නේ. එම අදහස් සැලකිල්ලට ගනිමින් කතානායකවරයා මෙලෙස නීතිපතිවරයාට දැනුම් දී ඇති බවද කතානායක කාර්යාලය සඳහන් කළා.