Wednesday, May 15, 2024

General line - 0115112241

අගමැති තවත් කිහිපදෙනෙකු සමග ජනපති හමුවෙයි

හේමන්ත කහවලගේ




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ තවත් නියෝජිතයින් කිහිප දෙනෙකු ඊයේ (04) රාත‍්‍රියේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණගැසී තිබෙනවා.

අකිල විරාජ් කාරියවසම් සහ මංගල සමරවීර යන අමාත්‍යවරුන් ද මෙම නියෝජිත කණ්ඩායමට ඇතුළත්ව සිටි බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

රටේ වත්මන් දේශපාලන හැසිරීම් සහ ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

මෙම සාකච්ඡාව සුභවාදීව අවසන් වී ඇති බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් කියා සිටියේ.