Monday, April 29, 2024

General line - 0115112241

නෙත් නිවුස් වෙත ඇමතිවරයෙක් කළ බලපෑම පාර්ලිමේන්තුවේත් අවධානයට

සජිත් තිලකරත්න / දිල්ශාන් තුෂාර




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිස් දැලෙන් නිදහස් කර ගැනීමට ප‍්‍රබල අමාත්‍යවරයෙකු ද මැදිහත් වී ඇතැයි නෙත් නිවුස් සහ ලංකාදීප පුවත්පත කළ අනාවරණයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අද (17) ප‍්‍රශ්න කෙරුණා. 

නෙත් නිවුස් සහ ලංකාදීප පුවත්පත පළ කළ අදාළ වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වුණේ මෙම අමාත්‍යවරයා සිය පෞද්ගලික ආරක්ෂකයින් ලෙස සේවයට යොදවා ගෙන සිටින්නේ ද පාතාලයට සම්බන්ධ අය බවයි. 

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදය ශාන්ත පාර්ලිමේන්තුවේදී අද මේ පිළිබඳ පළමු වරට ප‍්‍රශ්න කළා.  

ආණ්ඩුව වෙනුවෙන් නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මීට ප‍්‍රතිචාර දැක්වූවා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.
 


පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයේදී නැවත මෙම සංවාදය මතු වුණා. 

මේ, එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ. 

කුමන බලපෑම් පැමිණිය ද නෙත් නිවුස් නිවැරදි හා සමබර වාර්තාකරණයක් සඳහා දිවිහිමියෙන් තවදුරටත් කැපවී සිටිනවා.