Sunday, May 5, 2024

General line - 0115112241

නෙත් සම්පත් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ අවසාන සම්මන්ත්‍රණය (PHOTOS)




මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව හා සම්පත් බැංකුව එක්ව සංවිධාන කළ ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ අවසන් මහා සම්මන්ත‍්‍රණය ඊයේ  (21) පැවැත්වුණා.

ඒ, පානදුර ශ‍්‍රී සුමංගල පිරිමි විද්‍යාලයේදීයි.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙයි

 

-----------------------------------

නෙත් සම්පත් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ අවසාන සම්මන්ත්‍රණය අද

(21-07-2018 06:37)

 

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව හා සම්පත් බැංකුව එක්ව සංවිධාන කළ ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ අවසන් මහා සම්මන්ත‍්‍රණය අද (21) පැවැත්වෙනවා. ඒ, පානදුර ශ‍්‍රී සුමංගල පිරිමි විද්‍යාලයේදීයි. පෙරවරු 08 ට සම්මන්ත‍්‍රණය ආරම්භ වීමට නියමිතයි. සම්මන්ත‍්‍රණය සරත් ආනන්ද ගුරුතුමන් විසින් මෙහෙයවනු ලබනවා.


මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව හා සම්පත් බැංකුව එක්ව සංවිධාන කළ මෙම ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාව ආරම්භ වුයේ පසුගිය මැයි මස 12 වනදායි. ඒ, මහරගම තරුණසේවා ශ‍්‍රවණාගාරයේ පැවති සම්මන්ත‍්‍රණයෙන්. පසුව අනුරාධපුර, ඇඹිලිපිටිය, බදුල්ල, කුරුණෑගල හා බම්බලපිටිය යන ප‍්‍රදේශවලදී ද සම්මන්ත‍්‍රණ පැවැත්වුණා.

මෙහිදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ මව්පියන් වෙනුවෙන් ද දේශන පැවැත්වීම විශේෂත්වයක්.