Saturday, April 27, 2024

General line - 0115112241

ජනපති අගමැතිට ආරක්ෂාව දුන් "ඩොලි" මියයයි

ජවුෆර් ඛාන්




මඩකලපුව පොලිස් විශේෂ අංශයේ වෙඩි බෙහෙත් සෙවීමේ මෙහෙයුම් වල නිරත වූ ඩොලී නමැති පොලිස් සුනඛයා මියගොස් තිබෙනවා. නෙදර්ලන්තයේ උපත ලද මෙම සුනඛයා 2011 වසරේ සිට මෙරට වෙඩි බෙහෙත් සෙවීමේ මෙහෙයුම් සදහා සම්බන්ධ වුණා. 

වසර 7 කට වැඩි කාලයක් වෙඩි බෙහෙත් සෙවීමේ කටයුතුවල නිරත වූ මෙම සුනඛයා අවස්ථා 200 කදී පමණ වෙඩි බෙහෙත් සොයා ගැනීමට දායක වී තිබෙනවා. ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයාගේ සංචාරවලදි ඩොලී නමැති සුනඛයා ආරක්‍ෂක කටයුතු සදහා යොදා ගැනීමද විශේෂත්වයක්. මෙම සුනඛයාගේ අවසන් කටයුතු ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු පොලිස් උත්තමාචාර මැද ඊයේ (21) මඩකලපුවේදී සිදු කෙරුණා.