Wednesday, December 25, 2024

General line - 0115112241

නෙත් එෆ්.එම්. නාලිකාවට ඇමති ෆොන්සේකාගෙන් එල්ලවූ තර්ජනයන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකියි

ඩිල්ෂාන් මඩවල




නෙත් එෆ්. එම්. මාධ්‍ය ඔස්සේ පළවූ පුවතක් ගලවා ඉවත් කරන ලෙස පවසමින් තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කර ඇති තර්ජනාත්මක මැදිහත්වීම තම වෘත්තීය කටයුතු නිදහසේ කරගෙන යාම සඳහා මාධ්‍ය ආයතනයක් සතු අයිතියට කරන ලද අයුතු බලපෑමක් ලෙස සලකන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. 

මේ අතර එම පුවත පළවීමෙන් අනතුරුව නෙත් එෆ්.එම්. නාලිකාවේ ප්‍රවෘත්ති කළමනාකරු හේමන්ත කහවලගේට අමාත්‍ය සරත් ෆොන්සේකා දුරකතනයෙන් අමතා තර්ජනය කර ඇති බවත් මාධයවෙදියෙක්ට සිය රාජකාරිය නිසි පරිදී කරගෙන යෑමට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය නිවේදනයෙන් අදහස් දක්වා තිබේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින්