Friday, September 20, 2024

General line - 0115112241

අම්බලන්ගොඩදී අභිරහස් ලෙස මියගියේ තරුණියක් දුම්රියට තල්ලු කළ තරුණයාද?



අම්බලන්ගොඩ කොබෙයිදූවේ පාලු ලිඳකින් 17 හැවිරිදි තරුණයකුගේ සිරුරක් සොයා ගත් බව පොලීසිය පවසනවා.

අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී සිටි බව කියන මේ සිසුවාගේ දෑත් වල ලේ ඇතැයි පොලීසිය පවසනවා.

දින දෙකක පටන් මොහු අතුරුදන්ව සිටි බවද, මරණය සැක කටයුතු බවද ඔවුන් පවසයි.

පසුගිය සෙනසුරාදා අම්බලන්ගොඩදී දුම්රියේ ගැටී තරුණියක මියයාම සම්බන්ධයෙන් ,ඇය දුම්රියට තල්ලු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණ බවද සඳහන්.

කෙසේ වෙතත් මෙය මිනීමැරුමක්ද නැතහොත් සියදිවි හානිකර ගැනීමක්ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.