Thursday, May 2, 2024

General line - 0115112241

උතුරු කොරියාව වැඩ අරඹයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




උතුරු කොරියාව විසින් සිය ප්‍රධාන චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයක් කඩා ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව BBC පුවත් සේවය වාර්තා කර සිටිනවා.

අමෙරිකාව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන නිරීක්ෂණ කණ්ඩායමක් විසින් උතුරු කොරියාවේ වයඹ දිග පිහිටි Sohae රොකට් දියත් කිරීමේ මධ්‍යස්ථානය කඩා ඉවත් කිරීම පිලිබදව සිය චන්ද්‍රිකා ජයාරූප මගින් නිරීක්ෂණය කර ඇති බව සදහන්.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මිට පෙර කියා සිටියේ උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් විසින් මිසයිල එංජින් පරික්ෂා කිරීමේ මධ්‍යස්ථානයක් විනාශ කරන බවට පොරොන්දුවූ බවයි. නමුත් ඒ පිලිබදව වැඩි දුර තොරතුරු  ලබාදී තිබුනේ නැහැ.

Sohae මධ්‍යස්ථානය උතුරු කොරියාව විසින් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගියත් මිට පෙර අමෙරිකාව සැකපළ කරමින් කියා සිටියේ එය ඔවුන්ගේ බැලැස්ටික් මිසයිල පරික්ෂණයන් සදහා යොදා ගන්නා බවයි.

අමෙරිකානු ජනපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර සිංගප්පුරුවේදී අත්සන් තැබූ ගිවිසුමට අනුව කොරියානු අර්ධ්ද්ධිවිපය සම්පුර්ණයෙන්ම න්‍යෂ්ටික අවි වලින් තොර කළාපයක් බවට පත් කිරීමේ වැඩසටහන මේ වන විට ආරම්භ වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

නමුත් ගිවිසුමට අනුව එම ක්‍රියාදාමයන් සිදුවන ආකාරය පිළිබඳව සවිස්තරාත්මක සඳහන් වී නොතිබූ හේතුවෙන් ඒ පිළිබඳව දැඩි විවෙච්නයන්ද එල්ල විය.

මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් තබමින් කියා සිටින්නේ " උතුරු කොරියාවේ පිළිබඳව තමන් කෝපයෙන් පසුවන බව ඇතැමුන් තමන්ගෙන් කිසිදු දෙයක් නොවිමසා සාවද්‍ය පුවත් පලකරන බවයි. නමුත් එය සත්‍ය වන්නේ තමන් ඉතා සතුටු වන බවත් ජපානය ඇතුළු ආසියාවම මේ ගැන සතුටු වන බවයි".