Friday, May 3, 2024

General line - 0115112241

ජලාශයේ වේල්ලක් කැඩී යාමෙන් ලාඕස් හි පුද්ගලයින් සියගණනක් අතුරුදහන්

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අධික වර්ෂාව හේතුවෙන් ඉදිකරමින් තිබු ජලාශයක වේල්ලක් කැඩි යාම නිසා ලාඕස් හි පුද්ගලයින් සිය ගණනක් අතුරුදහන් වී ඇති බව වාර්තා වනවා.

වේල්ල කැඩී යාමත් සමග ඇතිවූ හදිසි ජල පහර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව මේ දක්වා නිශ්චිතව ගණනය කර නැති බවයි ලාඕස් හදිසි ආපදා ඒකකය සදහන් කරන්නේ.

ඇතිවූ හදිසි ජලගැලීම් තත්ත්වය හේතුවෙන්ජලාශයට පහල පිහිටා ඇති ගම්වල ජනතාව කොටුවී සිටින බැවින් ඔවුන් මුදා ගැනීම සදහා මේ වන විට ආරක්ෂක අංශ සහ සහන සේවකයින් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා. දැනට වාර්තා වන අන්දමට පුද්ගලයින් 6000 කට අධික සංඛ්‍යාවක් මේ වන විට අවතැන්ව සිටින බවයි වාර්තා වන්නේ.

මිටර් 770 ක් දිගින් යුත් මිටර් 16ක් උසැති ජලාශ වේල්ල මෙසේ අනතුරට ලක්ව ඇති බවයි BBC පුවත් සේවය සදහන් කර සිටින්නේ.