Friday, May 3, 2024

General line - 0115112241

ප්‍රංශ පාපැදි සවාරියට කඳුළු ගෑස් ප්‍රහාරයක් (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොව ප්‍රධානතම පාපැදි සවාරියක් වන " ප්‍රංශ පාපැදි සවාරිය" අතරමග නතර කිරීමට සිදුවුනා. ඒ තරගකරුවන් රැසකට කඳුළු ගෑස් ප්‍රහාරයකට ගොදුරු වීම හේතුවෙන්.

ප්‍රංශ පාපැදි සවාරියේ 16 වන අදියර ක්‍රියාත්මක වෙමින් තිබියදී ගොවියන් විසින් ට්‍රැක්ටර් යොදා ගනිමින් මග හරස් කරමින් විරෝධතාවයේ යෙදී සිටි බවයි රොයිටර් පුවත් සේවය සදහන් කරන්නේ.

විරෝධතාවයේ යෙදී සිටි ගොවින් මාර්ගයෙන් ඉවත් කිරීමට ප්‍රංශ ආරක්ෂක අංශ මගින් කටයුතු කළ අතර එහිදී ඔවුන් විසින් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කරනු ලැබුවා.

මෙලෙස විරෝධතාකරුවන්ට එල්ල කරනු ලැබූ කඳුළු ගෑස් ප්‍රහාරයට ප්‍රංශ පාපැදි සවාරියේ ධාවනය යෙදුනු තරගකරුවන්ද ගොදුරු වූ අතර ඒ හේතුවෙන් තරගය මිනිත්තු 15 ක පමණ කාලයක් නතර කිරීමට සිදුවූවා. ඉන් පසුව තරගය යලි ආරම්භ කළ බවයි තරග සංවිධාකයින් සදහන් කර සිටියේ.

මිට පෙර විරෝධතාවයක් හේතුවෙන් 2004 වසරේදී ද ප්‍රංශ පාපැදි සවාරියට බාධා එල්ල විය.

යුරෝපා කොමිසම හා ප්‍රංශ රජය විසින් ප්‍රංශයේ දිස්ත්‍රික් වර්ගීකරණය කිරීමේ තීරණයට එරෙහිව මෙලෙස ගොවින් විරෝධතාවයේ යෙදී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.