Friday, September 20, 2024

General line - 0115112241

බුර්කාව පැළඳ සිටි කාන්තාවක් පැරිස් ගුවන්තොටුපළ රත් කරයි (VIDEO)



පැරිස් ගුවන් තොටුපළේදී මුස්ලිම් ජාතික කාන්තාවක් බුර්කාවක් පැළදගෙන සිටීම හේතුවෙන් ගුවන් තොටුපළ පොලිසිය හා ඇය අතර ඇතිවූ උණුසුම්කාරී සිද්ධියක් දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

සෞදි අරාබියේ සිට ප්‍රංශයට ඇතුළුවීමට පැමිණීමේදී පැරිස් ගුවන් තොටුපළේදී නවතා පොලිසිය විසින් ඇයව ප්‍රතික්ෂේප කිරීමත් සමග මෙම තත්ත්වය ඇති වී තිබෙනවා.

එහිදී ඇයව ආපසූ හරවා යැවීමට ක්‍රියා කිරීම නිසා අදාළ කාන්තාව විසින් පොලිසිය සමග බහින්බස්වීමක් ඇති වුණා.  එහිදී ඇය දෙවියන් සිහි කරමින් සහ දෙස් තබමින් ප්‍රචණ්ඩ ලෙස ඇසිරී තිබුණු බවයි විදෙස් වාර්තා සඳහන් කර තිබුණේ.

කෙසේවෙතත් පොලිස් නිලධාරියෙකු අදාළ කාන්තාව තල්ලු කරමින් තම රටට ඇතුල්වෙනවා නම් මුහුණ විවර කිරිම අනිවාර්යය බව පවසා තිබුණා.

පසුගිය කාලය පුරා යුරෝපය ඉලක්ක කරගනිමින් මුස්ලිම් අන්තවාදී සංවිධානවලින් විටින් විට ප්‍රහාර මාලාවක් එල්ල වුණා. මේ නිසා හටගෙන ඇති භීතිය සහ කම්පනය මෙවැනි සිද්ධීන්වලට හේතු වී තිබෙනවා.

ගෙවී ගිය මාස 18 ක කාලය තුළ ප්‍රංශයට ප්‍රහාර කිහිපයක්ම එල්ල වී ඇති අතර ප්‍රංශය මෙම අන්තවාදීන්ගේ ප්‍රධානම ඉලක්කයක් බවට පත්ව ඇත.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)