Thursday, May 2, 2024

General line - 0115112241

ට්‍රම්ප් දියණිය බංකොලොත් වෙයි (VIDEO)

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝ ප‍්‍රකට සිය විලාසිතා නාමය අවසන් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට‍්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ඒ, සිය විලාසිතාගාර වසා දැමීමට තීරණය කිරීමත් සමගයි.

ඇය මෙම තීරණය ගෙන ඇත්තේ ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක් ලෙස පත්වී වසරකට පසුව වීමද විශේෂත්වයක්.

ඇය සිය නාමය සහිත විලාසිතා භාණ්ඩ ලොව පුරා අලෙවි කිරීම ආරම්භ කළේ 2014 වසරේදීයි. එහෙත් සිය පියාගේ මැතිවරණ ව්‍යාපාරයත් සමග බොහෝ පිරිස් ඇගේ විලාසිතාගාර වර්ජනය කර තිබුණා.

ඇයගේ විලාසිතා අලෙවිකරණ විවිධ රටවල ප්‍රධාන සමාගම් පවසා ඇත්තේ අදාළ විලාසිතාවල අලෙවිය සීඝ්‍ර ලෙස පහත වැටී ඇති බවයි.

වෙළඳපොල බුද්ධි තොරතුරුවලට අනුව මේ වසරේ ජූනි දක්වා ඇයගේ විලාසිතා අලෙවිය 45%කින් පහත වැටී ඇති බවත් හෙළිව තිබෙනවා.

ඉවන්කා ට‍්‍රම්ප් සුවඳ විලවුන් අන්තර්ජාල වෙළඳපොල තුළ ඉහලම ප‍්‍රසාදයක් දිනූ වෙළඳ භාණ්ඩයක්.