Sunday, May 5, 2024

General line - 0115112241

ගසක හැපී චප්ප වූ කොළඹ පුතුකුඩියිරිප්පු බස්රිය (PHOTOS)

දිනසේන රතුගමගේ




කොළඹ සිට පුතුකුඩීයිරිප්පු දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් 25 දා අළුයම ගසක හැපීම නිසා බස් රථයේ ගමන් ගත් 17 දෙනෙකු තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ මැදවච්චිය පූනෑවදීය.

බස් රථයේ රියදුරුට නින්ද යාම නිසා බස් රථය පාරෙන් ඉවතට පැන ගසේ හැපී නතර වී ඇත. තුවාල ලැබූ රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ හැරෙන්නට ඉතිරි සියළුම දෙනාගේ තත්ත්වය එතරම් බරපතල නොවන  බව වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු කියා සිටියා.