Friday, May 3, 2024

General line - 0115112241

ඡන්ද මධ්‍යස්ථානයක බෝම්බ පිපිරුමක්! 25ක් මරුට

චම්ලි ඒකනායක - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




නිරිතදිග පාකිස්ථානයේ ක්වෙට්ටා නගරයේ ඡන්ද මධ්‍යස්ථානයක සිදුවූ බෝම්බ පිපිරුමකින් 25 දෙනකු පමණ මියගොස්, 40 දෙනකු පමණ තුවාල ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

රෝහල් ප්‍රකාශකයකු පවසා තිබෙන්නේ පොලිස් නිලධාරීන් 5 දෙනකු සහ කුඩා ළමුන් දෙදනකු මිය ගිය පිරිස අතර වන බවයි. තුවාල ලැබූවන් බොහෝ දෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යාහැකි බවයි මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.