Friday, May 3, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ රහස් හඬපටයක් පිටවෙයි - සුරූපී නිරූපිකාවකගේ නමත් ගෑවෙයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සිය හිටපු නීතිඥයා සමග කළ රහස් සාකච්ඡාවක හඬ පටයක් එරට මාධ්‍යයක් මගින් නිකුත් කර තිබෙනවා. විදෙස් වාර්තා පවසන පරිදි එම හඬ පටයේ ඇතුළත්ව ඇත්තේ සුප‍්‍රකට නිරූපිකාවගේ කතා මාලාවක අයිතිය ලබා ගැනීම සඳහා මුදල් ගෙවීම සම්බන්ධයෙන් සිදු කරන රහස් සංවාදයක්.

මෙම සංවාදය ඉකුත් අමෙරිකානු ජනාධිපතිවරණයට පෙර 2016 වසරේදී පටිගත කරන ලද්දක් බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් හඬ පටය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරන ජනාධිපති ට‍්‍රම්ගේ වත්මන් නීතීඥයා පවසන්නේ එවැනි කිසිදු මුදල් ගෙවීමක් සිදු කර නොමැති බවයි. එසේම මෙම හඬ පටය කිසිදු අපරාධ සිද්ධියක සාක්ෂියක් නොවන බවද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.