Thursday, May 2, 2024

General line - 0115112241

පළමු වරට අඟහරු ග්‍රහයාගේ ජල විලක් සොයා ගනියි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අඟහරු ග්‍රහයාගේ දකුණු අර්ධගෝලය ආශ්‍රිතව ජලය සහිත විලක් සොයාගත් බව ඉතාලි අභ්‍යාවකාශ නියෝජිත ආයතනය මගින් සිදුකළ විමර්ශනයකින් තොරතුරැ අනාවරණය කර ගැනීමට හැකිවි තිබෙනවා.

ඉතාලි අභ්‍යාවකාශ නියෝජිත ආයතනය විසින් යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින් අභ්‍යකාශගත කර ඇති අගහරු ගවේෂණ යානයේ (Mars Express orbiter) රේඩාර් දත්ත උපයෝගී කර ගනිමිනි සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුව මෙම තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.

මෙහිදී අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව අඟහරු ග්‍රහයාගේ දකුණු අර්ධගෝලයේ සැතපුම් 12ක වපසරියෙන් යුත් ජලය සහිත භූගත විලක් සොයා ගැනීමට හැකිවී ඇති බවත් අඟහරු ග්‍රහයාගේ පවතින දේශගුණික තත්ත්වය මත එම වීලේ පවතින ජලය මිඳී ඇති බවට සැකකරන බව ඔවුන් සදහන් කර සිටිනවා.

මෙම නිරීක්ෂණය සිදුකළ ඉතාලි අභ්‍යවකාශ නියෝජිත ආයතනයේ විද්‍යාඥයෙක් වන Roberto Orosei සදහන් කර සිටියේ මෙය ජලය පිරුනු විශාල විලක් නොවන බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ විලෙහි ඇති ජලය මීටරයකින් පමණ උසකින් යුක්ත බවට සැකකරන බවයි.

අඟහරු ග්‍රහයාගේ පවතින භූගත විල, පෘථවියේ ග්‍රීන්ලන්තය හා ඇන්ටාක්ටිකාවේ භූගතව තිබෙන විල්වලට සමාන වන බව විද්‍යාඥයින් සදහන් කර සිටියි.

මිට පෙර අඟහරු ග්‍රහයා මත සිදුකළ ගවේෂණයන් ගෙන් එහි ජලය ඇති බවට විද්‍යාඥයින් මත පළකර සිටියත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාධකයක් අනාවරණය කර ගැනීමට හැකිවී තිබුනේ නැහැ.