Saturday, May 4, 2024

General line - 0115112241

ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ අගමැති පුටුවට ළංවෙයි - මහ මැතිවරණයේ ප්‍රතිඵල සජීවීව නරඹන්න

චම්ලි ඒකනායක - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් නායකත්වය ලබා දුන් Pakistan Tehreek-e-Insaf පක්ෂය පාකිස්ථානු මහා මැතිවරණයේ නිකුත් කළ ප්‍රතිඵල අනුව පැහැදිලි ජයක් ලබා තිබෙනවා. නිකුත් කර ඇති ආසන 106ක ප්‍රතිපල අනුව PakistanTehreek-e-Insaf පක්ෂය ආසන 61ක් ජයගෙන තිබෙනවා. ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා ලබාගතු යුතු වන්නේ ආසන 137කි. සමස්ථ ආසන සංඛ්‍යාව 272කි.

Pakistan Tehreek-e-Insaf පක්ෂයේ ප්‍රධාන ප්‍රතිවාදී පක්ෂය වන පාකිස්ථානු මුස්ලිම් ලීගයට හිමිව ඇත්තේ ආසන 26ක් පමණි. දැනට සිර දඬුවම් නියමව සිටින පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් පාකිස්ථානු මුස්ලිම් ලීගයේ ආරම්භකයා වනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ ඉන්දියාව සමග සුහදව කටයුතු කිරීමට බලාපොරොත්තු වනව බවය.

දිගු කලක් තිස්සේ දෙරටේ හොඳ හිත පළුදුවීමට බලපා ඇති කාෂ්මීර් ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා බවත් ඔහු සඳහන් කරනවා. ඉන්දියාව සමග වෙළඳ සබඳතා තරකර ගැනීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

 

නවතම ප්‍රතිඵල  මෙතනින් නරඹන්න