Friday, May 3, 2024

General line - 0115112241

කියවන සිරකරුවගේ දඬුවම් කාලය අඩු කරන්න ඇමතිවරයෙකුගෙන් යෝජනාවක්




බන්ධනාගාර ගත රැඳවියන් අතර වැඩියෙන් පොත් කියවන සහ තමා කියවූ කෘති පිළිබඳ විචාරයක් ඉදිරිපත් කිරිමේ අවස්ථාවක් ඇතිකර රැුඳවියන්ගේ සිරගත කාලය අඩු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු කර තිබෙනවා. අධීකරණ අමාත්‍ය තලතා අතුකෝරළ සමග එක්ව අදාළ යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවයි අකිල විරාජ් කාරියවසම් පැවසුවේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වැලිකඩ බන්ධනාගාරයේ අද පවැති උත්සවයකට එක්වෙමින්. බන්ධනාගාර 10ක පුස්තකාල ඉදිකිරීමට ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛණ සේවා මණ්ඩලය හරහා කටයුතු කරන බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ.