Saturday, May 4, 2024

General line - 0115112241

215 දෙනෙක්ට මරු කැඳවමින් සිරියාවේ මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක්

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




නිරිත දිග සිරියාවේ සුවෙයිඩා නගරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 215 දෙනෙක් මිය ගොස් ඇති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තා කර සිටිනවා.

ඉස්ලාමි අන්තවාදීන් විසින් සිරියානු රජය විසින් පාලනය කරනු ලබන සුවෙයිඩා නගරයේ ස්ථාන කිහිපයකට මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළ කර තිබෙනවා.

දකුණු දිග සිරියාවේ කැරලිකරුවන් ගේ පාලනයට නැතුව තිබෙන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් සිරියානු රජයේ හමුදාවන් රුසියාවේද සහය ඇතිව සිදුකරගෙන යන මෙහෙයුම් අතර තුර මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාළාව එල්ල වූ බවටයි සිරියානු බලධාරීන් පවසන්නේ.

බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ස්වාධින යුධ නිරීක්ෂණ සංවිධානයක් සදහන් කරන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට පසුව සුවෙයිඩා නගරය ආසන්නයේ පිහිටි ගම් කිහිපයකට කඩා වැදුණු ඉස්ලාමිය ත්‍රස්ත කණ්ඩායම් විසින් එහි නිවෙස් වල සිටි සාමාන්‍ය වැසියන්ටද වෙඩි තබා ඝාතනය කර ඇති බවයි. 

එම නිරීක්ෂණ කණ්ඩායම සදහන් කරන පරිදි මෙම ත්‍රස්ත ප්‍රහාරයන් ගෙන් පුද්ගලයින් 221 දෙනෙක් මියගොස් ඇති බවත් ඉන් 127 දෙනෙක්ම සිවිල් වැසියන් බවයි. 

සිරියානු රජයේ මාධ්‍ය සදහන් කරන්නේ රුසියානු ප්‍රහාරක ගුවන් යානා විසින් ධාරා නගරයේ පිහිටි ඉස්ලාමිය අන්තවාදීන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවයි.