Saturday, May 4, 2024

General line - 0115112241

කොටස් වෙළදපල ඉතිහාසයේ දිනකදී රුපියල් බිලියන 2407 පාඩු විඳි සමාගම

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සමාගමේ කොටස් වෙළදපල අගය ඊයේ (26) දරුණු පසුබෑමකට ලක්වුනා. 

ෆේස්බුක් සමාගමේ කොටස් මිල පහත වැටීමත් සමග එහි ප්‍රධාන විධායක නිලධාරි මාක් සකර්බර්ග් හට අමෙරිකානු ඩොලර් බිලියන 15 ක පාඩුවක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 2407 (රු.කෝටි 240700) ඊයේ දිනයේ සිදුවූ අතර එය අමෙරිකානු කොටස් වෙළදපලේ එක් දිනකදී සමාජ මාධ්‍ය ජාල සමාගමක් අත්විදි විශාලතම මුල්‍ය පාඩුව ලෙස මෙය ඉතිහාස ගතවූ බවයි රොයිටර් පුවත් සේවය සදහන් කරන්නේ.

ඒ ෆේස්බුක් සමාගම පසුගිය වසර කිහිපයේදී අපේක්ෂිත ආර්ථික වර්ධනයන් කරා යාමට අපොහොසත්ව ඇති බවට සමාගමේ ප්‍රධාන මුල්‍ය විධායක නිලධාරි ඩේවිඩ් වේනර් සිදුකළ ප්‍රකාශයත් සමග අමෙරිකානු කොටස් වෙළදපලේ ප්‍රධාන පෙලේ තැරැව්කාර සමාගම් 16 ක් ෆේස්බුක් සමාගමේ කොටස් වල මිල අඩු කිරීමට පියවර ගැනීමත් සමගයි. 

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලයිස්තුවේ 81 වන ස්ථානයේ පසුවන ජපාන ව්‍යාපාරිකයෙක් වන Takemitsu Takizaki වත්කමට සමාන මුදලක් ඊයේ දිනයේදී ෆේස්බුක් සමාගම පාඩු විඳි බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

ෆේස්බුක් සමාගමේ ප්‍රධාන මුල්‍ය විධායක නිලධාරී ඩේවිඩ් වේනර් සදහන් කරන්නේ සිය සමාගම ඉදිරි වසර වලදී 30% ක ආර්ථික වර්ධනයක් කරා යනු ඇති බවයි.