එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි ගුවන් තොටුපල ඉලක්ක කර පුහාරයක් එල්ල වි තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ යේමන කැරලිකරුවන් විසින් ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ප්‍රහාරය එල්ල කිරිම සඳහා කැරලිකරුවන් භාවිත කර තිබුනේ ඩ්‍රෝන යානයක් විම විශේෂත්වයක්.
නිවැරදි ඉලක්කය ලබා ගැනිම සදහා එම ඩ්‍රෝන යානය කිලෝමිටර් 1500 ක පමණ දුරක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. අදාල ප්‍රහාරය හරහා සිය ශක්තිය හා හැකියාව පෙන්නුම් කරන බව යේමන කැරලිකරුවන් පවසනවා. එහෙත් අබුඩාබි ගුවන් තොටුපලට ප්‍රහාරයක් එල්ල වු බවට පලවන වාර්තා එක්සත් අරාබි එමිර් රාජ්‍යය ප්‍රතික්ෂේප කර තිබුණා. කෙසේ වෙතත් ගුවන් තොටුපලේ නිල ට්විටර් ගිණුමේ ප්‍රහාරය සම්බන්ධයෙන් සටහන් තබා තිබු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එහෙත් ප්‍රහාරයෙන් සිදුවු දේපල හෝ ජිවිත හානියක් පිලිබද මෙතෙක් වාර්තා වි නැහැ.