අමෙරිකාව සහ මෙක්සිකෝව අතර හටගත් දේශසිමා අර්බුධ හමුවේ ළමුන් දහසකට ආසන්න පිරිසකට තවමත් සිය දෙමාපියන් අහිමිවී ඇතැයි බීබීසී ලෝක සේවය වාර්තා කරනවා.
එම වාර්තාව පෙන්වා දෙන්නේ අදාළ ළමුන් යළි සිය මවුපියන්ට භාර දීමට අධිකරණය මගින් අමෙරිකානු බලධාරීන්ට ලබා දී තිබූ කාලයද ඉක්මවා ගොස් ඇති බවයි. එහෙත් මවුපියන්ගෙන් වෙන් කරන ලද ළමුන් තවමත් රැඳවුම් කඳවුරු තුල සිටින බවයි වාර්තා වන්නේ.
දේශසීමා අර්බුධයක් පදනම් කරගනිමින් දරුවන් දෙමාපියන්ගෙන් වෙන් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර විචාරකයින්ගෙන් අමෙරිකාවට චෝදනා රැසක් එල්ල වෙමින් තිබෙනවා. ඒ සඳහා ප‍්‍රතිචාර දක්වන අමෙරිකානු නීතීඥවරුන් පවසන්නේ අදාළ දරුවන් හට සිය දෙමාපියන් සමග එක්වීමට මෙතෙක් නීතිමය අවසර හිමිව නැති බවයි.
පවුල් සබඳතා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති දත්ත ප‍්‍රමාණවත් නොවීම, දෙමාපියන්ට එරෙහිව අපරාධ චෝදනා පැවතීම හෝ මවුපියන්ට බෝවන රෝගයක් පැවතිම යන කරුණු අදාළ දරුවන් තවමත් දෙමාපියන්ගෙන් වෙන් කර තැබීමට හේතුවී ඇති බවද අමෙරිකානු නීතිඥයින් පවසනවා.
අනවසර සංක‍්‍රමණිකයින් හට මෙක්සිකෝ දේශසීමාව හරහා රට තුළට ඇතුළුවීම වළක්වාලමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉකුත් දා නිකුත් කළ නියෝගට අනුවයි දරුවන් 2500කට පමණ සිය දෙමාපියන්ගෙන් වෙන්වීමට සිදුවුණේ.
පසුව ඉන් දරුවන් 1800ක් පමණ යළි මවුපියන්ට භාර දීමට කටුයතු කළ බව අමෙරිකාව සඳහන් කළා. එහෙත් මවුපිය දුදරු සබඳතාවට වඩා නීතිය බලවත් වීම හේතුවෙන් ළමුන් 711 දෙනෙකු තවමත් අමෙරිකාව භාරයේ සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කෙසේවෙතත් දරුවන් සහ මවුපියන් වෙන් කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම එල්ල වූ චෝදනා හමුවේ අදාළ වැඩපිළිවෙළ අත්හිටුවීමට අමෙරිකාව පසුව කටයුතු කළා.