Thursday, May 2, 2024

General line - 0115112241

21 වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග‍්‍රහණය (PHOTOS)

සමන්ත කුමාර




21 වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග‍්‍රහණය ඊයේ (27) රාති‍්‍රයේ සිට අද (28) අළුයම දක්වා කාලය තුළ සිදුවුණා. 

ඊයේ රාති‍්‍ර 10 යි 45 ට පමණ ආරම්භ වූ මෙම චන්ද්‍රග‍්‍රහණය පැය හයක පමණ කාලයක් පැවති බවයි තාරක විද්‍යාඥයින් පවසන්නේ.

රාතී‍්‍ර 11.50 පමණ වනවිට එය මෙරට ජනතාවට පියවි ඇසින් නිරීක්‍ෂණය කිරීමට හැකියාව පැවතුනා. අලූයම එකේ සිට අලූයම 2.45 පමණ දක්වා පූර්ණ චන්ද්‍රග‍්‍රහණය පැවති බවයි තාරකා විද්‍යාඥයින් පවසන්නේ.

ශී‍්‍ර ලංකාව ඇතුළු ආසියානු රටවල්වලට මෙන්ම මැදපෙරදිග, යුරෝපය,  ඕස්ටේ‍්‍රලියාව, සහ දකුණු අමෙරිකාවේ රටවල් කිහිපයකටද මෙම චන්ද්‍රග‍්‍රහණය දිස් වූ බව බී බී සී ලෝක සේවය වාර්තා කළා. එය විවිධ රටවල්වලට දිස් වූ ඡායාරූප රැසක්ද බී බී සී වෙබ් අඩවියේ දැක්වෙනවා.