Friday, May 3, 2024

General line - 0115112241

31ට මුල්තැන දෙමින් ජෝතිගේ 31 වැනි ගුණ සමරුව පැවැත්වුණ හැටි (PHOTOS)

ටී. කේ මහින්ද




සිංහල සිනමාවේ අසහාය ගායන ශිල්පියා ලෙස විරුදාවලිය ලත් එච්.ආර්.පෝතිපාල ගේ 31 වැනි ගුණ සැමරුම පසුගිය 26 වැනි දිනට යෙදී තිබුණා.

අසහාය රංගන ශිල්පී විජය කුමාරතුංග වරෙක පැවසුවේ පැවසුවේ ජෝති යනු සියලු ජාතින්ගේ ගායන ශිල්පියා බවත්, මනුෂ්‍ය ජාතිය පිනවීම ඔහුගේ කාර්යය වූ බවත්ය.

තවත් වරකදී භාරතයේ ලෝක පූජිත භාරතීය ගායන හඩ මොහොමඩ් රාෆි දිවයිනට පැමිණ අවස්ථාවක පැවසුවේ " ජෝති ඉපදෙන්නට තිබුණේ ලංකාවේ නොව භාරතයේ" බවය. භාරත සිනමාවේ මහා ගායකයා බවට මොහොමඩ් රාෆි බවට පත්වන විට සිංහල සිනමාවේ ගායන පෞර්ෂය බවට පත්ව සිටියේ ජෝතිය.

ගායන ලොවේ මහා පෞර්ෂය එච්.ආර්.‍ජෝතිපාල සැමරුම හා ජෝති ගැයූ ගී ප්‍රසංගය මහරගම තරුණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී පසුගිය දා පැවැත්වුණා. මෙම ප්‍රසංගය මෙසේ තිළිණ කරනු ලැබුවේ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන දිනේස් ප්‍රියසාද්ය.

31 දෙනෙකුගෙන් සමන්විත" යූත් එක්ස් ට්‍රීම් "සංගීත කණ්ඩායම ජෝති සිනමා ගී ප්‍රසංගය සංගීතවත් කරන අතර ජනප්‍රිය නළුනිළියන් හා ගායක,ගායිකාවන් 31 දෙනෙකු මෙම ප්‍රසංගයේ ගී ගායන කරනු ලැබීම විශේෂත්වයක්.

.