Wednesday, November 27, 2024

General line - 0115112241

කරුණානිධිගේ තත්ත්වය යහපත් අතට

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දිය ඞී එම් කේ පක්ෂයේ නායක මෙන්ම තමිල්නාඩු ප‍්‍රාන්තයේ හිටපු මහ ඇමති එම් කරුණානිධීගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසනවා.

අධි රුධිර පීඩනය හේතුවෙන් අසාධ්‍ය වී තත්ත්වයේ පසුවූ කරුණානිධි ඊයේ (27) රාති‍්‍රයේ රෝහල් ගත කෙරුණා. කෙසේ වෙතත් මේවනවිට ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් ඇති බැවින් අසත්‍ය ප‍්‍රචාරවලට නොරැවටෙන ලෙස කරුණානිධිගේ පවුලේ ඥාතීන් ඞී එම් කේ පක්ෂ සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් ද කළා.

කරුණානිධි ප‍්‍රතිකාර ලබන රෝහල ඉදිරිපිටට ඔහුගේ පාක්ෂිකයින් විශාල පිරිසක් රැස්ව සිටින බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. ඒ අනුව පොලිස් නිලධාරීන් කැඳවා රෝහල අවට ආරක්ෂාව තර කිරීමටද බලධාරීන් කටයුතු කර තිබෙනවා.