අධික උෂ්ණත්වය හමුවේ පීඩාවිඳිමින් සිටි ජපානයට ප්‍රභල සුළි කුණාටුවක බලපැම් එල්ල වෙමින් තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ ජොංඩාරි නම් සුළි කුණාටුවක් ජපානය දෙසට ගමන් කරමින් ඇති බවයි. එරට කාලගුණ බලධාරීන්ට අනුව අද (28) රාති‍්‍රයේ හෝ හෙට (29) අලූයම් කාලයේදී එම සුළිකුණාටුව ජපානයේ හොන්ෂු දුපතට ඇතුළු වනු ඇතැයි අපේක්ෂිතයි.
ඒ අනුව පැයට කිලෝ මීටර් 180ක පමණ ප්‍රභල සුළං ධාරා මෙන්ම තද වැසි ද අපේක්ෂා කරන බවයි කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.
කුණාටුවේ බලපෑම එල්ල වෙතැයි අපේක්ෂිත ප්‍රදේශවල වෙසෙන වැසියන් හට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන්නැයි බලධාරීන් පූර්ව දැනුම්දීම ද සිදු කර තිබෙනවා. ජපානයට මෙලෙස සුළි කුණාටුවක බලපෑම් එල්ල වන්නේ පසුගියදා බලපෑ ජල ගැලීම්වලින් පුද්ගලයින් 200ක් මිය ගොස්, අනතුරුව බලපෑ අධික උෂ්ණත්වයෙන් 80 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති පසුබිමක් තුළයි.