Thursday, May 2, 2024

General line - 0115112241

කැලිෆෝනියාවේ ලැව්ගින්නෙන් කුඩා දැරියන් 2ක් ඇතුළු 5ක් මරුට (VIDEO/UPDATE)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ කැලිෆොනියා ප්‍රාන්තයේ උතුරු දිග ප්‍රදේශයේ හටගෙන තිබෙන ලැව් ගින්න හේතුවෙන් මේ වන විට කුඩා දැරියන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙක් මිය ගොස් ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා.

එමෙන්ම අතුරුදහන්ව සිටින පුද්ගලයින් පිරිස 17 ක් බවයි සහන සේවා කණ්ඩායම් සදහන් කරන්නේ.

....................................................................................................................................

ටොනේඩෝ මෙන් පැතිරී යන කැලිෆෝනියාවේ ලැව්ගින්න 

(28-07-2018 20:00)

අමෙරිකාවේ කැලිෆොනියා ප්‍රාන්තයේ උතුරු දිග ප්‍රදේශයේ හටගෙන තිබෙන ලැව් ගින්නක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් දහස් ගණනකට සිය නිවාස අතහැර ආරක්‍ෂිත ස්ථාන කරා යාමට සිදුවූ බව CNN පුවත් සේවය වාර්තා කරනවා.

දැනට මෙම ලැව් ගින්න හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති අතර ඔවුන් දෙදෙනාම ගිනි නිවීමේ නිලධාරින් බවට හදුනාගන තිබෙනවා. මිට අමතරව තවත් පුද්ගලයින් 17 දෙනෙක් අතුරුදහන්ව ඇති බවට වාර්තා පලවී ඇත.

කැලිෆොනියාවේ පිහිටි ජනප්‍රිය මෙන්ම ඉතා දර්ශනීය Shasta-Trinity වනෝද්‍යානය හා ඒ අවට පැතිරී යන ලැව් ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවීමේ නිලධාරීන් 3,400 දෙනෙක් යොදවා ඇති අතර ඊට අමතරව ගුවන් සහයද ලබා ගන්නා බවයි වාර්තා වන්නේ. එම ප්‍රදේශයේ පුද්ගලයින් 90,000ක් පමණ ජිවත් වෙන අතර ඔවුන්ගෙන් ඇතැම් පිරිස් මේ වන විට ආරක්‍ෂිත ස්ථාන කරා ගොස් තිබෙනවා.

කැලිෆෝනියා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ගිනි නිවීමේ ඒකකය සදහන් කරන්නේ පවතින අධික උෂ්ණත්වය පාරිසරික වෙනස්වීම් හේතුවෙන් මෙම ලැව් ගිනි තත්ත්වය ඉදිරි සතිය තෙක් පවතිනු ඇති බවයි.

ගිනි නිවීමේ යෙදී සිටින බලධාරින් සදහන් කරන්නේ ඇතැම් අවස්ථාවලදී ඇතිවූ සුළං තත්ත්වයත් සමග ලැව් ගින්න "ටොනේඩෝවක්" ලෙස පැතිරී යන ආකාරය තමන් දුටු බවයි.

මෙම වසරේ ගතවූ මාස 7 තුලදී අමෙරිකාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන 4.5 ක් විනාශ වූ බව වාර්තා වනවා.

දිනෙන් දින ගෝලීය උණුසුම ඉහල යාම නිසා ලොව පුරා මෙවැනි ආපදා තත්ත්වයන් වලට මුහුණ දීමට සිදුව තිබෙනවා. ග්‍රීසියේ ඇතිවූ ලැව්ගින්න හේතුවෙන් පුද්ගලයින් 80 දෙනෙක්ට ආසන්න පිරිසක් මිය යන ලදියි.