Monday, April 29, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් පසු 264ක් ගැන තොරතුරු නෑ (UPDATE)

දිනුක් හේවාවිතාරණ




ඉන්දුනීසියාවේ ලොම්බොක් දුපතට බලපෑ රිච්ටර් ඒකක 6.4ක අගයකින් යුත් භුමිකම්පාව හේතුවෙන් ගිනි කන්දක් තරණය කිරිමට ගොස් අතුරුදහන්වී සිටින සංචාරකයින් පිරිසක් සොයා ආපදා සහන කණ්ඩායම් මෙහෙයුම් දියත් කර තිබෙනවා. 

ලොම්බොක් දුපතේ පිහිටි ගිනිකන්දක් සහිත රින්ජානි කන්ද තරණය කිරිමට ගිය මෙම පිරිස භුමිකම්පාවත් සමග හටගත් නාය යෑම් හේතුවෙන් එහි සිරවී ඇතැයි බළධාරින් විශ්වාස කරනවා.

කන්දේ පිහිටි මාර්ග ඇහිරි ඇති බැවින් අතුරුදහන්වුවන් සොයා සහන කණ්ඩායම් රැසක් එම ප්‍රදේශය බලා පිටත්ව ගොස් තිබෙනවා.

රින්ජානි කන්ද තරණය කිරිම සදහා ගිය සංචාරකයින් 264 දෙනෙක් මෙතෙක් නොපැමිණීම නිසා බළධාරින් හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කර සිටින්නේ.

කෙසේවෙතත් භුම්කම්පාව සිදුවන අවස්ථාවේ රින්ජානි කන්ද තරණය කිරිමට ගිය විදෙස් සංචාරකයින් 500කට ආසන්න සංඛ්‍යාවක් යළි නිරුපද්‍රිතව පැමිණ තිබෙනවා.

මේ අතර භුමිකම්පාව හේතුවෙන් මියගිය පිරිස 14 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබු සංඛ්‍යාව 164ක් වනවා.

 

-------------------------------

ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් 13 ක් මරුට : පසුකම්පන 60 ක් වාර්තා වෙයි (PHOTOS/VIDEO)

(29-07-2018 15:19)

 

ඉන්දුනීසියාවට අද (29) උදැසන බලපෑ රිච්ටර් ඒකක 6.4 අගයකින් යුත් ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙක් මිය ගොස් තවත් 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

භූමිකම්පාවෙන් මිය ගිය පුද්ගලයින් අතර මැලේසියානු ජාතිකයෙක්ද සිටින බවයි ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරන්නේ.

ඒකක 6.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනය සිදුවීමෙන් අනතුරුව එහි කේන්ද්‍රස්ථානය වන ඉන්දුනීසියාවේ ලොම්බොක් දුපත ආසන්නයේ පසුකම්පන 60 ක් පමණ වාර්තාවූ බව අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය සදහන් කරනවා. 

භූමිකම්පාව හේතුවෙන් ලොම්බොක් දුපතේ ගොඩනැගිලි රැසක්ද විනාශ වී ඇතැයි ඉන්දුනීසියානු මාධ්‍ය සදහන් කරයි.

මේ අතර සංචාරකයින් අතර ප්‍රචලිත කඳු නැගීමේ ස්ථානයක් වන රින්ජානි කන්ද නාය යාමේ සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බැවින් එය මේ වන විට සංචාරකයින්ට ඇතුල්වීම තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. 

 

 

..................................................................................................................................

ඉන්දුනීසියාවේ ඒකක 6.4 ක ප්‍රබල භූමිකම්පාවක්

(29-07-2018 05:59)

ඉන්දුනීසියාවේ සංචාරක පාරාදීසයක් වන ලොම්බෝක් දුපතේ රිච්ටර් ඒකක 6.4 කින් යුත් ප්‍රබල භුකම්පනයක් සිදුව ඇති බව අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය නිවේදනය කරනවා. ඉන්දුනීසියානු වේලාවෙන් අද (29) උදැසන 6:47 ට පමණ මෙම භූකම්පාව සිදුව තිබෙනවා.

පළමු භූමිකම්පාවෙන් අනතුරුව ඒකක 5.4ක අගයකින් යුත් පසුකම්පනයක් එම ප්‍රදේශයේම සිදුව තිබෙන බවයි රොයිටර් පුවත් සේවය සදහන් කරන්නේ.

මෙම භූමිකම්පා දෙකම ගොඩබිම සිදුව ඇති බවත් කිසිදු සුනාමි අනතුරක් මේ හේතුවෙන් ඇති නොවන බවයි අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය සදහන් කර සිටියේ.

භූමිකම්පාවෙන් සිදුවූ ජිවිත හෝ දේපළ හානි ගැන මේ දක්වා වාර්තා වී නැහැ.