Monday, April 29, 2024

General line - 0115112241

එකම පවුලේ 7 දෙනෙක්ගේ සිරුරු නිවසින් හමුවෙයි

දිනුක් හේවාවිතාරණ




එකම පවුලේ සාමාජිකයින් 7 දෙනෙකුගේ සිරුරු ඔවුන්ගේ නිවසේ තිබියදී සොයා ගත් බව පොලිසිය සදහන් කර සිටිනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ඉන්දියාවේ රාන්චි ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් වන දීපක් කුමාර් හා ඔහුගේ බිරිඳ, දරු දෙදෙනා හා දීපක් ගේ දෙමව්පියන් දෙදෙනා සහ සහෝදරයායි.

පොලිසිය සදහන් කරන්නේ මෙම මරණයට හේතුව මේ දක්වා කිසිදු ප්‍රකාශයක් මේ දක්වා සිදුකිරීමට නොහැකි බවයි. මන්ද මෙම පිරිස මිය ගියේ සියදිවි නසාගෙනද නැද්ද යන්න පිළිබඳව මේ දක්වා තහවුරු කර ගත හැකි හෝඩුවාවක් ලැබී නොමැතිවීම හේතුවෙන්.                                                                

කෙසේ වුවත් දිපක්ගේ සහෝදරයා නිවස තුල ගෙල වැළලාගෙන මියගොස් සිටි අතර අනෙක් සාමාජිකයින් 06 දෙනාම සිය නිදන ඇදන් මත මියගොස් තිබු බව පොලිසිය සදහන් කරන්නේ.

මිට සති කිහිපයකට ඉහතදී ඉන් දියාවේ, නවදිල්ලි උතුරු ප්‍රදේශයේ නිවසකින් ද එකම පවුලේ සාමාජිකයන් 11 දෙනෙක් සියදිවි හානිකරගෙන ගැනීමේ පුවතක් වාර්තා විය.