Monday, April 29, 2024

General line - 0115112241

රතු මුහුද හරහා ඉන්ධන ප‍්‍රවාහනය නවතා දැමීමට සෞදි රජය තීරණය කරයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




රතු මුහුද හරහා ඇති සිය උපාය මාර්ගික මුහුදු මාර්ග ඔස්සේ සිදු කරන ඉන්ධන ප‍්‍රවාහන කටයුතු නවතා දැමීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා. සෞදිය පවසන්නේ යේමන කැරලිකරුවන් විසින් සිය ඉන්ධන නෞකා ද්විත්වයක් ඉලක්ක කර එල්ල කරනු ලැබූ ප‍්‍රහාරයෙන් අනතුරුව මෙම තීරණයට එළඹුනු බවයි. 

අදාළ ප‍්‍රහාරයෙන් පසුව සිය ගල්ෆ් කලාපයේ සිට රතු මුහුද දක්වා දිවෙන ප‍්‍රධාන ඉන්ධන සැපයුම් මාර්ගයක් ඔස්සේ සිදු කරන මෙහෙයුම් කටයුතු අත්හිටුවීමටද සෞදිය පියවර ගත්තා.

සෞදිය ප‍්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් යේමනයේ පිහිටි සිය ඉලක්කයන් වෙත එල්ල කරන ප‍්‍රහාරයන්ට ප‍්‍රතිචාර දක්වමිනුයි එරට කැරලිකරුවන් සෞදියට මෙලෙස ප‍්‍රහාර එල්ල කළේ. කෙසේ වෙතත් සෞදිය හා යේමන කැලිකරුවන් අතර වර්ධනය වෙමින් ඇති මෙම ගැටුම්කාරීත්වය සිවිල් වැසියන් රැසක් අවදානමේ හෙළා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.