Monday, April 29, 2024

General line - 0115112241

කොන්දේසි එපා: ඉරාන නායකත්වය මුණගැසෙන්න කැමතියි - අමෙරිකානු ජනාධිපති

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පුර්ණ කොන්දේසියකින් තොරව ඉරාන නායකත්වයට අවශ්‍ය මොහොතක තමන් ඔවුන් මුණගැසීමට සුදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඉතාලි අග්‍රාමාත්‍ය Giuseppe Conte ගේ අමෙරිකානු සංචාරය අතරවාරයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනපති ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර සිටියා.

ඔවුන්ට මාව මුණගැසීමට අවශ්‍ය ඉරානයේදී නම් මම එයටත් සුදානම්. ඒ ඔවුන්ට අවශ්‍ය නම් මම නිසැකවම ඔවුන් මුණගැසීමට සුදානම්. මම විශ්වාස කරනවා ඔවුන්ට මා මුණගැසීමට කැමැත්තෙන් සිටිනවා කියා. කිසිදු පුර්ණ කොන්දේසියකින් තොරවයි මා ඔවුන්ව මුණගැසීමට කැමැත්ත පලකරන්නේ යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මිට සති කිහිපයකට ඉහතදී රුසියානු ජනාධිපතිවරයා සමග තමන් පැවැත්වූ ද්වි පාර්ශවික සාකච්ජාවන් සාර්ථකවූ බවට මෙම මාධ්‍ය හමුවේදී ජනාධිපති ට්‍රම්ප් යලිත් වරක් ප්‍රකාශ කර සිටියා.

පෙර කොන්දේසියකින් තොරව ඉරානය සමග සාකච්ජා කිරීම හරහා අර්ථවාන්විත දෙයක් සිදුකිරීමට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියා.

අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය ජුනි 12 වැනිදා සිංගප්පුරුවේදී උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සමග ද්විපාර්ශවික සාකච්ජා පවත්වනු ලැබුවා. 

රුසියානු ජනාධිපති වලැදීමීර් පුටින් සමග ස්විට්සර්ලන්තයේ පැවති සාකච්ජාව හේතුවෙන් ඔහුට දේෂපාලනිකව මෙන්ම ඉන් පරිබාහිරවද දැඩි දෝෂදර්ෂණයට ලක්වුවා.