සිය මව සමග සිටි සිව්මස් හැවිරිදි බිළිදෙකු දිවියෙක් විසින් පැහැරගෙන යාමේ පුවතක් වාර්තා වනවා.
බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ දී සිය ස්වාමිපුරුෂයා සමග යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී එක් වරම කැලය තුලින් මතුවූ දිවියෙක් මවගේ අතේ සිට බිළිඳා පැහැර ගෙන කැලය තුලට දිව ගොස් තිබෙනවා. මෙහිදී එම කාන්තාව සහ ඇයගේ ස්වාමිපුරුෂයාගේ උපකාර ඉල්ලා කෑ ගසා ඇති අතර අසල පිහිටි ගම්මානයක ගම්වැසියන් පිරිසක් විසින් ක්ෂණිකව බිළිඳා සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ගම්මුන්ගේ කෑ ගැසීමත් සමග බියට පත්වූ දිවියා බිළිඳාව කැලයේ දමා ගොස් සිටියදී ගම්වැසියන්ට හමුවී තිබෙනවා.
බිලිඳාගේ පාදයන් සහ එක් අතක් දිවියාගේ දත් පහරවල්වලට හසුවීමෙන් තුවාල වී තිබුණු අතර ඔහුගේ තත්ත්වය යහපත් බවත් මේ වන විට මව සහ දරුවා රෝහල් ගත කර තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.