Friday, September 20, 2024

General line - 0115112241

ජපානයට ‘දෙවන‘ ලෝක යුද්ධය සිහිවේ – 19ක් සමූල ඝාතනයට (PHOTOS)



ජපානයේ සගමිහාරා හි ආබාධිතයන් රැක බලාගන්නා ස්ථානයකට පැමිණි පුද්ගලයකු පිහියෙන් ඇනීම හේතුවෙන් 19 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් 20 දෙනෙකුගේ තත්වය බරපතල බවත් වාර්තාවේ.

මෙම ප්‍ර‍හාරය සිදුකර ඇත්තේ සතෝෂි උයිමට්සු නම් මෙම ස්ථානයේ සේවය කළ පැරණි සේවකයෙකු වන අතර ඔහු පසුගිය පෙබරවාරි මස වනතෙක් මෙම ස්ථානයේ රැකියාව කොට තිබෙනවා.

අද (26) පාන්දර 2ට පමණ ඔහු ජනේලයක් බිඳගෙන මෙම ස්ථානයට ඇතුලු වී මෙම ඝාතනය සිදුකොට තිබෙනවා.

පසුව ඔහු පොලීසයිට භාරවී තිබෙනවා.

මෙම ඝාතනයට හේතු ලෙස ඔහු පවසා ඇත්තේ ආබාධිත පුද්ගලයන් නැති කිරීමට ඔහුට වුවමනා වූ බවකි.

මෙය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානයේ සිදුවූ දරුණුතම සමූල ඝාතනය බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

පිහි ප්‍රහාරය සිදුවන අවස්ථාවේ එහි නේවාසිකයන් 160 දෙනකු පමණ සිට ඇතැයි ද කාර්ය මණ්ඩලයේ අට දෙනකු සිටි බවද කියති.

369710AB00000578-3707721-image-a-58_1469506122073

_90514963_6d1d5d54-a765-4a7f-b736-bf64964adeb4

_90514965_62366870-8da1-4a14-9a94-3bd6391cf31e

_90514969_bf9cd398-fcec-466e-ad4b-7ceb21f9c957

36969D4200000578-3707721-Television_footage_showed_a_number_of_ambulances_parked_outside_-a-64_1469494994879