Monday, April 29, 2024

General line - 0115112241

පුද්ගලයින් 101ක් දෙනෙක් රැගත් ගුවන් යානයක් අනතුරට ලක්වෙයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පුද්ගලයින් 101 දෙනෙක් රැගත් ගුවන් යානයක් උතුරු මෙක්සිකෝවේ පිහිටි Guadalupe Victoria ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේදී අනතුරට ලක්වී තිබෙනවා. අනතුරට ලක්වූ ගුවන් යානයේ මගින් 97 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ සිවුදෙනෙක් ගමන් කරමින් සිට ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

එරෝමෙක්සිකෝ ගුවන් සේවයට අයත් AM2431 දරන ගුවන් යානය Guadalupe Victoria ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට මෙක්සිකෝ නගරය බලා පියාසර කරමින් තිබියදී මෙම අනතුරට මුහුණපා ඇති බව වාර්තා වනවා.

ගුවන්තොටුපලේ සිට ගමන් ඇරඹු ගුවන් යානය අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් පථයේ සිට කිලෝමීටර් 10 ක දුරින් පිහිටි ජනශුනය ප්‍රදේශයකට කඩා වැටී තිබෙනවා. 

මෙම අනතුරින් ගුවන් යානයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 85 දෙනෙක් තුවාල ලබා ඇති බවත් කිසිදු ජිවිත හානියක් සිදුව නොමැති බව BBC පුවත් සේවය වාර්තා කර සිටිනවා.