මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් අරුණ අත්තනායක නොහොත් "පොලිස්" නැමැත්තා වැඩිදුර විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය වෙත භාර දී තිබෙනවා.
පෑලියගොඩ ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ප‍්‍රධානතම සැකකරුවෙකු වන පොලිස් නොහොත් අරුණ අත්තනායක නමැත්තා ඊයේ (31) රාත‍්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තා.
----------------------------
පෑලියගොඩ ‘‘ පොලිස්’’ STF අත්අඩංගුවට
(01-08-2018 06:42)
පෑලියගොඩ ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ප‍්‍රධානතම සැකකරුවෙකු වන පොලිස් නොහොත් අරුණ අත්තනායක නමැත්තා ඊයේ (31) රාත‍්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ නිවසක රැඳී සිටියදීයි. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සතුව තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැණුනු බවයි විශේෂ කාර්ය බලකායේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ.
මීට පෙර පෑලියගොඩ ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ප‍්‍රධානියෙකු වූ ගිහාන් සඳරුවන් නමැත්තා මීට පෙර අත්අඩංගුවට ගැණුනා. ඉන්පසු එම ප‍්‍රදේශයට අයිස්, හෙරොයින් සහ කේරළ ගංජා බෙදාහළ ප‍්‍රධානතම ජාවාරම්කරුවා පොලිිස් නොහොත් අරුණ අත්තනායක නමැත්තා බවයි විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම සැකකරු ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින ජාවාරම්කරුවන් පිරිසකට ප‍්‍රබල අමාත්‍යවරයෙකුගේ ද සහය ලැබෙන බව නෙත් නිවුස් මීට පෙර අනාවරණයක් සිදු කළා. කෙසේ වෙතත් අදාළ අමාත්‍යවරයා එය ප‍්‍රතික්ෂේප කරමින් කියා සිටියේ පොලිස් නොහොත් අරුණ අත්තනායක නමැත්තා එවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවයි.