Monday, April 29, 2024

General line - 0115112241

රාජකීය ස්වර්ණාභරණ සොරා ගෙන බෝට්ටුවෙන් පළා යයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ස්විඩනයේ, ස්ටොක්හෝම් හි දේවස්ථානයක තබා තිබු පෞරාණික වටිනාමකමින් යුත් රාජකීය ආභරණ කිහිපයක් පුද්ගලයින් දෙදෙනෙක් විසින් සොරකම් කර තිබෙනවා.

බටහිර ස්ටොක්හෝම් හි පිහිටි දේවස්ථානයක තබා තිබු ස්විඩනය පාලනය කළ Karl IX වන රජු සහ ක්‍රිස්ටිනා රැජිණ විසින් භාවිතා කළ ඔටුනු දෙක ඇතුළු රාජකීය ස්වර්ණාභරණ කිහිපයක් මෙලෙස සොරකම් කර පළා ගොස් තිබෙනවා. මෙම සොරකම සිදුව ඇත්තේ අද (01) දහවල් කාලයේදී වීම විශේෂත්වයක්.

පොලිසිය සදහන් කරන්නේ පුද්ගලයින් දෙදෙනෙකු Strängnäs දේවස්ථානයේ සිට කලබලයෙන් දිවවිත් ඒ අසල පිහිටි මැලරෙන් වැවේ නවතා තිබු අධිවේගී බෝට්ටුවකින් පළා යන අයුරු ඒ අසල සිටි පුද්ගලයින් දෙදෙනෙක් විසින් දැක ඇති බවයි.

මෙම මිලකළ නොහැකි රාජකීය ස්වර්ණාභරණ 17 වන සියවසට හිමිකම් කියනු ලබනවා.

ජාතික වැදගත්කමක් ඇති මෙම පෞරාණික ස්වර්ණාභරණ සොයා ස්විඩින් පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරනවා.