Wednesday, February 5, 2025

General line - 0115112241

"තනතුරු අදාළ නෑ..කුඩු කාරයෙක්නම් හෙළි කරන්න ඕනේ" - රතන හිමි කියයි

සජිත් තිලකරත්න/ නිශාන් ද සිල්වා




නෙත් එෆ්. එම්. රේඩියෝවට දේශපාලඥයින්ගෙන් හෝ වෙනත් කිසියම් පාර්ශ්වයකින් හෝ තර්ජන, බලපෑම් එල්ල වන්නේ නම් එය අනුමත නොකරන බව අස්ගිරි පාර්ශ්වය ද පවසනවා.

අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කියා සිටියේ නෙත් එෆ්. එම්. රේඩියෝව සමාජ මෙහෙවරක නිරත වන බවයි. 

මාධ්‍යයට පමණක් නොව වෙනත් පාර්ශ්වයන්ට එල්ල වන තර්ජන සහ බලපෑම් පිළිබඳව ද අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මෙලෙස පැහැදිලි කළා. 

එහිදී සඳහන් කෙරුණේ මාධ්‍ය නාලිකාවලට පමණක් නොව බෞද්ධ සංවිධාන වශයෙන්ද විවිධ අවස්ථාවලදී විවිධ ස්වරූපයෙන් මෙවැනි පහර ගැසීම් සිදු කරන බව පෙනෙන්නට ඇති බවයි. පසුගිය සමයේ චීවරදාරීන් සහ නොයෙකුත් ආකාරයේ නම්වලින් ආමන්ත්‍රණය කරමින්  පහත් ලෙස ප්‍රවෘත්ති නිවේදන නිකුත් කළ බවද සඳහන් කළා. සමහර අවස්ථාවල පාර්ලිමේන්තුව තුළ ඇති වරප්‍රසාදවලට මුවා වී පහර ගැසීම් සිදු කරන බවද සඳහන් කළා. බුද්ධිමත් ජනතාව ඒවා පිළිබඳ අවශ්‍ය ලෙස පියවර ගනු ඇතැයිද පෙන්වා දුන්නා.

මේ අතර නෙත් නිවුස් මගින් ඉකුත්දා සිදු කළ අනාවරණය පිළිබඳ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද අදහස් පළ කළා.

එහිදී "මෙම මාධ්‍ය ආයතනය කළ ක්‍රියාවලිය උතුම් ක්‍රියාවලියක් කියලා අපි හඳුන්වනවා. අපි කවුරුවත් බය වෙන්න ඕනේ නෑ.. හමුදාපති වෙලා හිටියද...ජනාධිපති වෙලා හිටියද... ඒ තනතුරු අපිට අදාළ නෑ.. කුඩු කාරයෙක් කියලා අහු වෙලා නම් ඒක රටට හෙළි කරන්න ඕනේ." යනුවෙන් සඳහන් කළා.

(මෙම සම්පූර්ණ හඬපටය පහතින් දැක්වෙයි)

නෙත් එෆ් එම් රේඩියෝවට කිසියම් තර්ජන හෝ බලපෑම් එල්ල වන්නේ නම්, එය අනුමත කළ නොහැකි බවයි බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් ද ඊයේ (01) පැවසුවේ.