Sunday, May 5, 2024

General line - 0115112241

ජනතාව තමාගෙන් ඉල්ලූ ප්‍රධානම කරුණ ජනපති මතක් කරයි




මාධ්‍ය නිදහස ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට ගත වූ වසර තුනේදී වත්මන් ආණ්ඩුව පියවර රැසක් ගත් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපති ධුරයට පත්වීමට පෙර ජනතාව තමාගෙන් ඉල්ලා සිටි ප‍්‍රධාන ඉල්ලීම වුයේද රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ ‘‘පිබිදෙමු පොළොන්නරුව’’ දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ඊයේ (01) පස්වරුවේ පැවති තවත් උත්සවයකට එක්වෙමින්. 

දුෂණයට, වංචාවට සහ නාස්තියට විරුද්ධ වූ අයෙකු ලෙස වත්මන් සංවර්ධන වැඩපිළිවෙලේ දී ද කිසිඳු අක‍්‍රමිකතාවකට ඉඩ නොතබන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ජනතාවගේ සම්පත් ජනතාවගේම සුභ සාධනය සඳහා යෙදවීම ප‍්‍රතිපත්තියක් කොට සලකන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

‘‘පිබිදෙමු පොළොන්නරුව’’ වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරෙන ව්‍යාපෘති 180 අතරින් 60ක් ඊයේ දිනයේ ජනගත කෙරුණා. තවත් ව්‍යාපෘති 60ක් අද දිනයේ විවෘත කිරීමට නියමිතයි. සෙසු ව්‍යාපෘති 60 හෙට දිනයේ විවෘත කරන බවයි ජනාධිපති කාර්යාලය පැවසුවේ. සමස්ත ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 6000ක්.

මේ අතර පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ ඉදි කරන ලද ව්‍යායාම ස්ථානය ජනාධිපතිවයා අතින් අද (02) පෙරවරු 6.30 ට විවෘත කෙරුණා. මෙහිදී ජනාධිපතිවරයා ව්‍යායාමවල නිරතවීමද සිදු කළා.