Sunday, May 5, 2024

General line - 0115112241

"පාසල් සිසුන් වගේ" - මැතිව්ස් ඇඟිල්ල දිගු කරයි




පන්දු රැකීමේදී සිදු වූ දුර්වලතා දකුණු අප‍්‍රිකාවට එරෙහි දෙවන එක්දින තරගයේ පරාජයට හේතු වූ බව ශ‍්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

පන්දු රැකීමේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (01) කටයුතු කළේ පාසල් සිසුන්ගේ මට්ටමෙන් බවයි මැතිව්ස් පවසන්නේ.

තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා නායකයා මෙම අදහස් පළ කළා.

ශ‍්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින තරගයෙන් දකුණු අප‍්‍රිකාව කඩුලූ 04ක ජයක් ඊයේ රාත‍්‍රියේ වාර්තා කළා. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව රැස් කළේ ලකුණු 244ක් පමණයි. 42 වන පන්දු වාරයේදී දකුණු අප‍්‍රිකාව කඩුලූ 06ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

විශිෂ්ට ඉණිමක් ක‍්‍රීඩා කළ ක්වින්ටන් ඞී කොක් ලකුණු 87යි. දකුණු අප‍්‍රිකානු ඉණිම පුරා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ජාත්‍යන්තර විචාරකයින්ගේ පවා අවධානයට ලක්වුණා.

දුර්වල පන්දු රැකීමෙන් උපරිම ප‍්‍රයෝජන ගත් දකුණු අප‍්‍රිකානු පිතිකරුවන් සිය ඉණිම පුරා පන්දුවාරයකට ලකුණු 06කට වඩා වැඩි දළ ලකුණු වේගයක් පවත්වාගැනීමට සමත්වීම ද විශේෂත්වයක්. 
දකුණු අප‍්‍රිකාව හමුවේ ශ‍්‍රී ලංකා පිල අඛණ්ඩව ලැබූ 10 වන එක්දින තරග පරාජය මෙයයි. දෙරට අතර 03වන එක්දින තරගය ලබන ඉරිදා පැවැත්වෙනවා.