Wednesday, February 5, 2025

General line - 0115112241

දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය අසළ තිබූ බස් රථයක් ගිනි ගනී (PHOTOS)

කාංචන කුමාර ආරියදාස




දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ආසන්නයේ නවතා තිබූ පෞද්ගලික මගී බස් රථයක් ඊයේ (01) දින රාත්‍රි කාලයේ ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ආසන්නයේ දිනපතාම මෙම බස් රථය නවතා තබන රථයක් බවත් මෙදින බස් රථය එම ස්ථානයෙන් වෙනත් ස්ථානයක නවතා ඇත්තේ එම ස්ථානයේ තාවකාලිකව ක්‍රීඩාලෝලීන් සඳහා වාහන නැවතුම් පොලක් සැකසීම නිසාවෙන් බවයි බස් රථයේ හිමිකරු පවසා ඇත්තේ.

ඊයේ මධ්‍යම රාත්‍රි 12.30 ට පමණ ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම පරිදි එම ස්ථානයට පැමිණ, බස් රථය දකිද්දී මෙම විනාශය දුටු බවයි එහි හිමිකරු පවසන්නේ.

කෙසේ වෙතත් සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ එකවරම බස් රථය තුළින් විශාල ගින්නක් ඇති වූ බවයි.

පොලීසිය සහ ප්‍රදේශවාසීන් දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ද සහාය ඇතිව පැතිර ගිය ගින්න මැඩ පැවැත්වීමට උත්සහ ගත් බවද සඳහන් කරනවා.

මෙම බස් රථය ගිනිගෙන විනාශවීම අපරාධයක් ද එසේත් නැත්නම් කාර්මික දෝෂයක් නිසා සිදු වූවක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.