Wednesday, February 5, 2025

General line - 0115112241

අවසන් තීරණය ලබන බ‍්‍රහස්පතින්දා

නිශාන් ද සිල්වා




පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන බ‍්‍රහස්පතින්දා ප‍්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

ඒ, පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (01) රාත‍්‍රියේ පැවති සාකච්ඡාවකදීයි.

මැතිවරණයක් අවශ්‍ය බවට දිගින් දිගටම ප‍්‍රකාශ කරන ඒකාබද්ධ විපක්ෂය මෙම තීරණාත්මක සාකච්ඡාවට සහභාගී නොවීම ගැටළුවක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

මෙම චෝදනාව සම්බන්ධයෙන් එම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සහභාගී වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධනගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

එහිදී කියා සිටියේ "හැමදාම ආණ්ඩුව බෙදිලා බැණ ගන්නඑක පමණයි සාකච්ඡාවේ සිද්ධ වුණේ. අපි ඒ නිසා ලිඛිතව දැනුම් දුන්නා ආණ්ඩුවට එක තීරණයක් ගෙන වහාම ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය පවරන්න කියලා." යනුවෙනි.

කෙසේ වෙතත් වඩා වැදගත් වන්නේ තෝරාගත් එක් මැතිවරණ ක‍්‍රමයකට සියලූ මැතිවරණ පැවැත්වීම යන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය බව එහි ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක පැවසුවා.