Wednesday, May 1, 2024

General line - 0115112241

ක්‍රීඩා ඇමති ක්‍රිකට් සාදයක් නවතයි

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සැලසුම් කර තිබූ සාදයක් නවතා දැමීමට කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා තීරණය කර තිබෙනවා. ලබන 10 වැනිදා මෙම සාදය පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ ෂැංගි‍්‍රලා හෝටලයේදීයි. එ් සදහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරු මෙන්ම මේ වන විට මෙරට සංචාරයක නිරත දකුණූ අපි‍්‍රකානු කණ්ඩායමේ කී‍්‍රඩකයින්ටද ආරාධනා කර තිබුණා. මෙම සාදය වෙනුවෙන් ආරාධනා පත‍්‍රද මුද්‍රණය කර තිබූ බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ. අනවශ්‍ය වියදම් කපා හැරීම සදහා තමන් මෙම තීරණය ගත් බව කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියා.

මේ අතර සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර තුන්වන එක්දින කි‍්‍රකට් තරගය පල්ලේකැලේ කි‍්‍රඩාංගණයේදී හෙට පැවැත්වෙනවා. දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය උදෑසන 10 ට ආරම්භ වීමට නියමිතයි. තරග 5කින් සමන්විත මෙම තරගාවලියේ 2ට බින්දුවක් ලෙස දකුණු අපි‍්‍රකානු කණ්ඩායම මේ වන විට පෙරමුණ ගෙන සිටිනවා.