Monday, April 29, 2024

General line - 0115112241

පැවිදිකම අත්හැර තායිලන්ත ළමුන් යළි නිවෙස් වෙත යයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තායිලන්තයේ තාම් ලුආන්ග් උමගේ සිරවී සිට බේරා ගනු ලැබ පසුව  චරිත්‍රානුකුලව පැවිදි දිවියට ඇතුලත් වූ පාපන්දු කණ්ඩායමේ ළමුන් 11 දෙනා දින 09 ක සිය පැවිදි කාලය නිමා කිරීමෙන් අනතුරුව ඊයේ (04) යලි සිය නිවෙස් වෙත ගිය බව BBC පුවත් සේවය වාර්තා කර සිටියා.

ඉකුත් ජුනි මාසයේදී තාම් ලුආන්ග් උමග නැරඹීමට ගොස් ඇතිවූ මහ වැසි නිසා භූගත උමගක් තුල සිරවී සිටි මෙම ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ජාත්‍යන්තර සහය ඇතිව ගලවා ගැනීමට හැකිවූවා.

සතියක පමණ කාලයක් රෝහල් ගතව සිටි එම පිරිසෙන් එක් දරුවෙක් හැර අනෙක් ළමුන් 11 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු තායිලන්තයේ සම්ප්‍රදායට අනුව චරිත්‍රානුකුලව පැවිදි දිවියට ඇතුල් වුයේ ඉකුත් ජුලි මස 25 වනදායි. ඒ තමන් බේරා ගැනීම සදහා වූ මෙහෙයුමට දායකත්වය ලබා දෙමින් සිටියදී මියගිය හිටපු තායිලන්ත නාවික හමුදාවේ සීල් බලඝණයේ නිලධාරියෙක් වූ සමන් ගුනාන් සිහිපත් කිරීම උදෙසා පවුලේ සාමාජිකයින්ට වූ පොරොන්දුවක් ඉටු කිරීම වෙනුවෙන්.

සිය පැවිදි කාලය තුලදී මෙම ළමුන් පිරිත් සජ්ජානය කිරීම, පන්සල පිරිසිදු කිරීම සහ භාවනා කිරීම ඇතුළු ක්‍රියාකාරකම් වල යෙදී ඇති බවයි වාර්තා වන්නේ. මෙම ක්‍රියාවන් තුලින් ඔවුන්ගේ මනස ශක්තිමත් කිරීමට හා මුහුණ දුන් කලබලකාරී වාතාවරණයෙන් මිදීමට උපකාරී වන බවයි එරට බලධාරීන් සදහන් කරන්නේ.

මෙම ළමුන් 11 දෙනා සමග පැවදි දිවියට ඇතුල් වූ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරුහට තවත් තෙමසක කාලයක් පැවීදී දිවියේ කල් ගත කරන මෙන් ඔහු සිටින පන්සලේ භික්ෂුන් වහන්සේලා කළ ඉල්ලීමකට අනුව ඔහු එම ඉල්ලිමට එකගවී ඇති බව සදහන්. 

මෙම ළමුන් යලි සිය දෙමව්පියන් වෙතට භාර දීමට පෙර ඔවුන් පැවිදිව සිටි විහාරස්ථානයේ හිමිවරුන් පිරිත් සජ්ජායනය කොට ආශිර්වාද කළ බවට එරට මාධ්‍ය වාර්තා කර සිටියා.

තායිලන්තයේ පැවතෙන සම්ප්‍රදායක් වශයෙන් පිරිමින් ගෙන් 90% ක් පමණ  චරිත්‍රානුකුලව පැවිදි දිවියට ඇතුල් වීම සුලභ දෙයක් වනවා.

මේ අතර තම නිවෙස් කරා ගිය ළමුන්ට හිරිහැරයක් වන ආකාරයේ කටයුතු නොකරන මෙන් තායිලන්ත බලධාරීන් සියලුම මාධ්‍ය ආයතන වලින් ඉල්ලීමක් කර තිබෙනවා.