Monday, April 29, 2024

General line - 0115112241

ගංජා කිලෝ ග්‍රෑම් 192ක් සමග ලාංකිකයෙක් අත් අඩංගුවට

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ශ්‍රී ලංකාවට මුහුදු මාර්ගයෙන් එවීමට සුදානම් කරමින් තිබු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 192 ක් සමග පුද්ගලයින් දෙදෙනෙක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේදී එරට ආරක්ෂක විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමිල්නාඩුවේ පෙරියකුත්තුගයි ධිවර ගම්මානය අසල පිහිටි ආරක්ෂක මුරපොලක් පසුකර යාමට පැමිණි වාහනයක් පරික්ෂා කිරීමේදී එරට පොලිසිය විසින් මෙම ගංජා තොගය සමග පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහනයේ රියදුරු වශයෙන් කටයුතු කර ඇත්තේ ඉන්දියන් ජාතිකයෙක්.

අත්අඩංගුවට ගනු ලැබූ අනෙක් සැකකරු ශ්‍රී ලාංකිකයෙක් වන අතර 40 හැවිරිදි ඔහු නමින් ශක්තිවේල් යනුවෙන් හදුනාගෙන ඇත.

මෙම ගංජා තොගය රහසිගතව මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාව වෙත එවීමට සුදානම් කර තිබු ඒවා බවයි තමිල්නාඩු පොලිසිය සදහන් කරන්නේ.

අත්අඩංගුවට ගනු ලැබූ කේරළ ගංජා තොගයේ වටිනාකම එරට මත්ද්‍රවය කාර්යාංශයේ විමර්ශනයෙන් අනතුරුව ගණනය කිරීමට නියමිත බවයි NDTV පුවත් සේවය සදහන් කර සිටියා.