Wednesday, May 1, 2024

General line - 0115112241

වෙනස්කම් දෙකක් සමග ශ්‍රී ලංකා පිළ පන්දුව ඉල්ලයි

කසුන් කැළුම්




සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර 03 වන එක්දින කි‍්‍රකට් තරගය පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී අද (05) පැවැත්වෙනවා. 

දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය උදැසන 10.00ට ආරම්භවීමට නියමිතයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි. 

අද දිනයේ පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව තිබෙනවා.

ඒ අනුව කසුන් රාජිත සහ ෂෙහාන් ජයසූරිය වෙනුවට ධනංජය ද සිල්වා සහ ලහිරු කුමාර කැඳවා තිබෙනවා.